photographic 2
Dec 18, 2018

උත්තර දේවි මංගල ගමනට සූදානම්

ඉන්දියාවෙන් ගෙන්වන ලද අති සුඛෝපභෝගී දුම්රිය දෙකෙන් එකක් ලබන 21දා සිට උත්තර දේවි දුම්රිය වශයෙන් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා මංගල ගමන ආරම්භ කිරීමට නියමිතය. 
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අංක ගත කිරීමට අනුව මේ දුම්රියට හිමිව ඇත්තේ ඉ - 13 අංකයයි. දුම්රිය කාලසටහනට අනුව උත්තර දේවි දුම්රිය කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ කරන්නේ පෙරවරු 11.50ට පමණය.
 
ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව මෙවැනි දුම්රිය දෙකක් ආනයනය කොට ඇති අතර එම දුම්රිය දෙකම පසුගිය දිනවල අත්හදා බැලීමේ ධාවන කටයුතුවල යෙදවීමෙන් අනතුරුව එක් දුම්රියක් උතුරේ මගීන්ගේ පහසුව පිණිස යොදවා තිබේ.
 
දැනට මෙවැනිම අති සුඛෝපභෝගී දුම්රියක් ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර නගරාන්තර සුඛෝපභෝගී දුම්රියක් වශයෙන් ධාවනය වන අතර එම දුම්රිය උතුරේ ජනතාව අතර ඉතා ජනප්‍රිය වී තිබේ.
 
කෙසේ වෙතත් උතුරේ මගීන් පවසන්නේ උතුරු පළාතට ධාවනය වන දුම්රිය ප්‍රමාණය එම පළාත්වල සිටින මගීන්ගේ ප්‍රමාණය අනුව සලකා බලන විට කිසිසේත්ම නොසෑහෙන බවයි. උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියවලින් ඉතා විශාල ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන නිසා මීට වඩා ඵලදායි හා විධිමත් දුම්රිය සේවාවක් උතුරු පළාතට ලබාදෙන මෙන් උතුරේ ජනතාව ඉල්ලා සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top