photographic 2
Dec 18, 2018

මරදාන - පොල්ගහවෙල දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අද (18) අලව්ව සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්වීම මීට හේතුව බව වාර්තා වේ.
 
ඒ අනුව කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වෙනත් දුම්රියක ආධාරයෙන් මේ වන විට අලව්ව දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.
 
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මරදාන සිට පොල්ගහවෙල  දක්වා දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඔවුන් සඳහන් කළේය.    

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top