Dec 19, 2018

බොස්ට ගේම දුන් හොරු මාට්ටු

වැල්ලවාය, නුගයාය ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ අලෙවි කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් කලක පටන් කොල්ලකෑ සැකකරුවන් පස්දෙනෙකු එම භාණ්ඩ ද සමග වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර එම වෙළෙඳසැලේ සේවය කළ සේවකයන් ද සිටින බව පොලිසිය පවසයි. සැකකරුවන් විසින් රූපවාහිනී යන්ත්‍ර,ශීතකරණ,ගෑස් ලිප්,යකඩ පෑස්සුම් උපකරණ, බෆල් යන්ත්‍ර ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් කොල්ලකා ඇති අතර එ්වායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට වැඩි බව පොලිසිය කියයි.

එම භාණ්ඩ සැකකරුවන්ගේ නිවෙස්වල තිබී සහ වෙනත් පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තෙලුල්ල,බිබිල සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් වයස අවුරුදු විස්ස විසිදෙක විසි හතර යන වයස්වල පසුවන බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. වැල්ලවාය පොලිස් පොලිසිය විමර්ශන සිදු කරයි.

ජයන්ත වීරසේකර - වැල්ලවාය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top