Dec 19, 2018

මෛත්‍රී, මහින්දව උස්සලා පොළොවේ ගැහැව්වා - විජිත හේරත්

''මෛත්‍රිපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ මහත්තයව දේශපාලන වශයෙන් උස්සලා පොළොවේ ගැහැව්වා'' යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

''ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්න බලයක් තනි පුද්ගලයකුට පැහැර ගන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව අධිකරණ මතය වුණේද එයයි. ජනාධිපතිවරයාද මේ රටේ පුරවැසියෙක්. එබැවින් ඔහුට ව්‍යවස්ථාව ඉක්මවා යෑමට නොහැකියි.

19 වැනි සංශෝධනයෙන් අපට ලැබුණු ප්‍රතිපාදන නිසා අපට යළි මෙසේ රැස්වීමට අවස්ථාව ලැබුණා.

විධායක ජනාධිපති ධුරය පිළිබඳව මිසක් පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් අපට නැහැ. විධායක ජනාධිපති ධුරය නැති කළොත් රට කැඩෙනවා කියන මිථ්‍යා මතයෙන් ඉවත් වෙන්න. අපි රට බෙදන යෝජනා ගෙනෙන්නේ නැහැ. රට බෙදන්න දෙන්නෙත් නැහැ. විසිවන සංශෝධනයේ කිසිම වගන්තියක රට බෙදීමක් ගැන සඳහන් නොවන බව අපි වගකීමෙන් සඳහන් කරනවා.

අපි විස්ස ගේන්නේ රනිල් මහත්තයට වාසියටලු. හොඳට බලන්න මේකේ වාසිය කාටද එන්නේ කියලා. මේ විස්ස සම්මත වුණොත් තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයට නිල අගමැතිකමක් ලබාගත හැකි වෙන්නෙ. කැමති නම් බලයක් නැති ජනාධිපති වෙන්නත් පුළුවන්. ඒ නිසා වාසිය කාටද?''

(දිවයින)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top