Dec 25, 2018

'පොහොට්ටුවට ගිය රාජපක්ෂලා දැන් ඇඹරෙනවා'- ශ්‍රීලනිප ජාතික සංවිධායක කියයි

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

එදා ප්‍රසිද්ධියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ (24) පැවති ශ්‍රී ලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ හෝ ඔවුන් නැවතත් ශ්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු පැවසිය.

ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන කලබගෑනියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මහතා මෙසේ මාධ්‍ය වෙත පෙනී සිටියේ කලකට පසුය.

තමා කිසිඳු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයට එකතු නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top