Jan 08, 2017

'ඉවසුවා ඇති..කසය අතට ගන්න' - මෛත්‍රී (වීඩියෝ)

'එක්සත් ජාතික පවුර' සංවිධානයේ කැඳවුම්කරු,  හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී  මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි විරෝධය දැක්වීය.

රජයට අයත් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා එහිදී කියා සිටියේ එජාප පාක්ෂිකයින් රාජපක්‍ෂලා එලවා බලාපොරොත්තු වූයේ මෙය නොවන බවයි.

අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් අගමැතිවරයාගේ හිතවතුන් තිදෙනෙකු රට පාලනය කරන බවත් ඔහු පැවසිය.

දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කටයුතු කරන ලෙස එහිදී ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top