Sathosa

Dec 30, 2018

''දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කරනවා'' - රංගෙ

ඔක්තෝම්බර් 26 කළු සිකුරාදා කුමන්ත්‍රනය පරාජය කර දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබංඩාර මහතා පැවසිය.

ඊයේ (29දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතම මේ බව පැවසිය.

විපක්ෂයට එක්වීමට සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසිමේදි පිළිතුරු දෙමින් ඔහු ‌කියා සිටියේ, කිසි දිනක විපක්ෂයට සහය නොදෙන බවයි.

“ඒ ගොල්ලන්ට මොකක් හරි ඔළුවේ අමාරුවක් ඇති. එහෙම නැත්තම් එවැනි ප්‍රකාශ කරන්නේ නෑ’ අපේ නම් මං දන්න තරමින් එක්කෙනෙක් යන්නේ නෑ. මං කළකිරිලා ඉන්නවා කියන එකවත් වෙනස් වෙන්න ඔනේ කියන එකවත් හරවනවා කියන එකවත් නොවෙයි මා කිවේ. මට කිසි දෙයක් හරවන්න අවශ්‍ය නෑ.

කවුරුත් කළකිරිලා නෑ. විවිධ අදහස් තියෙන්න පුළුවන්. විවිධ අදහස් විවිධ ස්ථානවලින් ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් සියළු දෙනා මේ දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කරනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top