Jan 03, 2019

'ආණ්ඩු කරන්න ගිහින් අපි ඇණගත්තා' - කුමාර වෙල්ගම

ආණ්ඩු කරන්න ගොස් තම තම පාර්ශවය ඇණගත් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

සන්ධානයට පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට නොහැකි වුවද එජාපය දෙමල සන්ධානය සමග හෝ එක් වී බහුතරය පෙන්වා ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

දැන් තම පාර්ශවය නියම පීල්ලට වැටී ඇති බවද සදහන් කරන ඔහු විපක්‍ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීම සදහා දැන් කටයුතු කල හැකි යයිද කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top