ශ්‍රීලනිපය සුරැකීමට ආණ්ඩුකාරවරයෙක් මන්ත්‍රීන් 18ක් සංවිධායකයින් 24ක් එනවා - බුද්ධදාස කියයි ශ්‍රීලනිපය සුරැකීමට ආණ්ඩුකාරවරයෙක් මන්ත්‍රීන් 18ක් සංවිධායකයින් 24ක් එනවා - බුද්ධදාස කියයි
Jan 04, 2019

'පොහොට්ටුව එක්ක ඡන්දෙට ගියොත් අපි කපෝති' - ශ්‍රීලනිප සුරැකීමේ ව්‍යාපාරය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රාජපක්ෂවරුන්ගේ පොහොට්ටු පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රීලනිපයේ නියෝජිතයන්ට දරුණු පරාජයක් හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය අවධාරණය කර සිටියි.


මහජන පුස්තකාලයේදී ඊයේ (03දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ ප්‍රධානියකු වන කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එබව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයක් සඳහා පළාත් ආණ්ඩුකාරවරයකු, මන්ත්‍රීවරුන් 18 දෙනකු සහ ආසන සංවිධායකයින් 24 දෙනකු එක්ව සිටින බව ඔහු එහිදී කියා සිටියේය.

මෙම සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන 2025 දීවත් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීම බවද ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නුවණ පහල වේවා යැයිද එම මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

 මේ සඳහා පක්ෂය තුළ මතවාදී අරගලයක් දියත් කරන බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

 ඊයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක එම්.එම්. අම්ජාඞ්, කැස්බෑව ආසන සංවිධායක රජිත කොඩිතුවක්කු, කෑගල්ල' දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර අතුකෝරළ යන මහත්වරුද අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් වන නිමන්ති පීරිස්, තුෂාර රංග, සුරංග නෙරුජි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

 පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම තුළින් ශ්‍රීලනිපයට දැඩි හානියක් සිදුවූ බව පැවසූ ඔවුහු එමගින් පක්ෂයේ සුළු ජාතික ඡන්ද පදනම අහිමි වී ගිය බවද කියා සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top