Jan 04, 2019

18 පිලේ සාකච්ඡාව ගැන ජනපති දැනසිටියා - කුරේ (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තම පරිශ්‍රයක සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ලබාදුන්නේ වසන්වී කුමන්ත්‍රණයක් කිරීමට නොවන බව රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටී.

එවැනි කුමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවැනි රහසිගත සාකච්ඡාවක් මෙවැනි ප්‍රසිද්ධ ස්ථානයක පැවැත්වීමට තරම් තමා අඳ බාලයකු නොවන බවද ඔහු පැවසීය.

කුමන්ත්‍රණයක් කිරීමට නම් එම සාකච්ඡාවට පැමිණි සියලුදෙනාගේ අත්සන් ලයිස්තුවක් ලබා ගැනීමද තමා නොකරන බව ඔහු සඳහන් කළේය.

එදින පැවැත්වීමට ගිය එම සාකච්ඡාව ගැන එදිනම එස්.බී.දිසානායක මහතා තමාගෙන් විමසූ බවත්, එය නොසඟවා තමා ඔහුට හෙළි කළ බවත්, පසුව ජනාධිපතිවරයාද තමාගෙන් කළ විමසීමේදී ද එම සාකච්ඡාව ගැන අනාවරණය කළ බව කුරේ මහතා කියා සිටී.

අදාළ සාකච්ඡාව පැවැති 2018 - 12- 18 දින එම සාකච්ඡාව ආරම්භ කළ පස්වරු 3.15 ට පෙර ඒ ගැන ජනාධිපතිවරයා දැන සිටි බවත් ඔහු හෙළිකර සිටියේය.

චන්ද්‍රිකා හා සාකච්ඡා කළේ නෑ

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි ද ඔහු කියා සිටී.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top