photographic 2
Jan 07, 2019

'සභාපතීන් පත් කෙරෙන ජනපතිගේ චක්‍රලේඛය හොඳ පියවරක්' - අගමැති

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කළේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (06) රාත්‍රී පැවැති පුර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමිනි.

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීම් සඳහා සුදුසුකම් බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට කමිටුවක් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.

ජනාධිපති නියෝජිතයින් දෙදෙනෙක්, අග්‍රාමාත්‍ය නියෝජිතයින් දෙදෙනක් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඉහත කමිටුවට ඇතුළත් වෙති.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරමින් කමිටුවක් පත්කිරීමට ජනපති ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු අමාත්‍යවරුන්ට ඒ අනුව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

අගමැතිගේ ත්‍රී පුද්ගල කමිටුව :

මේ අතර රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට විෂය බාර අමාත්‍යවරුන් විසින් නිර්දේශකරන පුද්ගලයින්ගේ සුදුදුකම් පරික්ෂා කර බැලීම සඳහා අගමැතිවරයා විසින් ද ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර ඇත.

කබීර් හෂීම්, සාගල රත්නායක හා ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ගෙන් එම කමිටුව සමන්විතවේ.

සබැඳි පුවත් :

අගමැතිගේ 'තනතුරු කමිටුව' ඇතුළෙන්ම බාල්දුවේ !අගමැතිගේ 'තනතුරු කමිටුව' ඇතුළෙන්ම බාල්දුවේ !

චක්‍රලේඛයට පිටින් සභාපතිකම් බෑ - ජනපතිගෙන් නියෝගයක් 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top