Pasidol
Sathosa Ad Final Sinhala
Jan 09, 2017

නාවික හමුදාව රටට කෝටි 292ක් පාඩු කරලා !

ඇවන්ට් ගාඩ් මැරිටයිම්ස් සර්විසස් ආයතනය විසින් ගාල්ලේ පවත්වාගෙන ගිය අවි ගබඩා ව්‍යාපෘතිය නාවික හමුදාව පවරා ගැනීමෙන් පසුව ගෙවුණු මාස 13 1/2 ක කාලයේදී රටට රුපියල් කෝටි 292ක පාඩුවක් සිදුව ඇති බව එම සමාගම කියා සිටී.

නාවික හමුදාව විසින් ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය පවරා ගැනීමෙන් පසුව නොවැම්බර් 13 වැනිදා සිට 2017 ජනවාරි 02 වැනිදා දක්වා මාස 13 1/2 ක කාලයේදී රුපියල් කෝටි 292ක ලාභයක් ඉපැයූ බවට මාධ්‍ය වෙත කියා සිටියද, එම ව්‍යාපෘතියේ මෙහෙයුම් ඇවන්ට් ගාඩ් සමාගම සිදු කළ අවධියේ ඉන් වසරක කාලයක් තුළ ලැබූ ආදායම රුපියල් කෝටි 490ක ලභයක් ලැබූ බව පැවසේ.

ඒ අනුව නාවික හමුදා පාලනය යටතේ රටට අහිමි කර ඇති විදෙස් විනිමය 55%ක අගයක් ගන්නා බවද ඇවන්ට් ගාඩ් සමාගම කියා සිටී.

නොවැම්බර් 13 වැනිදා සිට 2017 ජනවාරි 02 වැනිදා කාලය තුළ නාවික හමුදාව කර ඇති මෙහෙයුම් ප්‍රමාණය 5928ක් බවත්, එය මසකට කළ මෙහෙයුම් ගණන 226කට සීමා වන අතර ඉන් වසරකට නාවික හමුදා මෙහෙයුම්වලින් ලැබූ අදායම රුපියල් කෝටි 198ක් බවට හෙළිව තිබේ.

2009 - 2012 දී නාවික හමුදා වැඩ මෙහෙමයි

මීට පෙර 2009 - 2012 වසරවලදී ද නාවික හමුදාව ගාල්ල අවි ගබඩා ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේදීනාවික හමුදාව සිදු කර ඇති උපරිම මෙහෙයුම් ගණන මසකට 500ක් බවත්, එය ඇවන්ට් ගාඩ් හට පැවරීමෙන් පසුව එම සමාගම මසකට මෙහෙයුම් 850 ක් දක්වා වර්ධනය කළ බවද කියා සිටී.

නාවික හමුදාවේ ගණන් බහියි

ඇවන්ට් ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී එක් මෙහෙයුමක් සඳහා පුද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙතින් ඇමරිකානු ඩොලර් 3,500ක් ලබාගත් බවත් නාවික හමුදාව එක් මෙහෙයුමක් සඳහා අයකරනු ලබන්නේ ඇමරිකානු ඩොලර් 2,500ක මුදලක් බවද කියා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඇවන්ට් ගාඩ් මැරිටයිම්ස් සර්විසස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මෙසේද කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top