Jan 07, 2019

ව්‍යාජ ලේඛන හැදූ රාජගිරියේ කත අත්අඩංගුවට

රාජගිරිය ඔබේසේකරපුර දෙමහල් නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය කූට ලේඛන සකස්කරන ස්ථානයක් වටලා 36 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එම නිවසේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, ආදායම් බිල්පත්, වාහන ලියාපදිංචි කිරීමේ සහතික, ඒවා සැකසීමට ගත් ලැමිනේටින් කාඩ් පරිගණයක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.


රුපියල් 5,000 සිට ඉහළ මිල ගණන්වලට මෙම ව්‍යාජ ලිපි ලේඛන සකසා ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]mirror.com දුරකථන - +94 114 546 362

Top