Jan 08, 2019

'මම තවම පාවිච්චි කළේ සුළු අවි පමණයි ' - තෙවරප්පෙරුම කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමඟ සටන් විරාමයක් පැවැත්වීමට තමා අදහස් නොකරන බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේය.

මෙම වචන ප්‍රහාරය සඳහා තමා මෙතෙක් පරිහරණය කළේ සුළු අවි බව ද බර අවි පරිහරණය කිරීමට තවම අදහසක් නැති බව ද කී පාලිත තෙවරප්පෙරුම මහතා මෙම මත ගැටුම නතර කරන ලෙස තමාට මෙතෙක් ආණ්ඩුවේ ඉහළින් දැනුම්දීමක් නොලැබුණු බව ද පැවසීය.

පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේ ද පැවසීය, ''මං මොකටද කාටත් දෙවැනි වන්නේ. මං මේ විරෝධය දිගටම කරගෙන යනවා. මට මඩ ගහන්න ආවොත් මම මඩ නාවනවා. මගේ සටන් විරාමයක් නැහැ. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා ප්‍රශ්නය දිගටම ගෙනියන්න එපා කියලා කවුරුහරි මට අවවාද කරලා ඇති කියලා. මම නම් ලොකු තැන්වලට ගිහින් අනේ මට මඩ ගහනවා කියලා පැමිණිලි කරන්න යන්නේ නැහැ.''

(දිවයින)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top