photographic 2
Jan 08, 2019

අවම දේශගුණ විපර්යාසයක් උදෙසා සිංහරාජය නසන සැලැස්මක් Featured

සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා මේ වනවිට දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතින බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

රාහුල හිමියෝ , පරිසරවේදිනී ශානිකා පතිරණ සහ නීතිඥ නුවන් බෝපගේ මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

49702458 2410238802350733 1674444479823609856 nමේ සඳහා අරමුදල් සපයා ඇත්තේ ලෝක බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිය විසින් යැයි ද ලෝක උරුමයක් වන වනාන්තරයක් විනාශ කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කරන්නේ කෙසේ ද යන්න ලෝක බැංකුවෙන් විමසා සිටිය යුතු යැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ පැවැසූහ.

මේ වනවිටත් සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකා යැයි පවසමින් කිලෝමීටර් දෙකක් දුර පාරක් ඉදිකර ඇතැයි ද අති සංවේදී පරිසර පද්ධතියක් මැදින් මෙම පාර ඉදිකර ඇත්තේ කිසිදු සංරක්ෂණ ක‍්‍රියාවලියක් ගැන නොසිතා ඩෝසර් යොදාගෙන පමණක් යැයි ද උන්වහන්සේ පැවැසුහ.

මෙම මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව විදුලි කාර් රථ සංචාරකයින් වෙනුවෙන් ධාවනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තාවේ යැයි එම සංගමය කියා සිටියි.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පූර්ණ අනු දැනුම මත ඉදිවෙමින් පවතින බව කියන මෙම මාර්ග පද්ධතියෙන් සිංහරාජයට වන හානිය පිළිබඳව, සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කළ බවත් ජනාධිපති අගමැති වන සංරක්ෂක ඇතුළු අදාළ සියලූ අංශ වෙත දන්වා යැවු බවත් රාහුල හිමියෝ කීහ.

2011 සිට 2030 දක්වා වූ ජාතික භෞතික සැලැස්ම අනුව සිංහරාජය දෙකඩ කරමින් මාර්ග ඉදිවන බව තම සංවිධානය 2013 දී පෙන්වා දුන් බව ද උන්වන්සේ පැවැසූහ.

මෙසේ සංවේදී පරිසර පද්ධතියක් තුළ කිසිදු සොයා බැලීමකින් තොරව මාර්ග ඉදිකිරීම හේතුවෙන් එහි ශාක හා සත්ව ප‍්‍රජාව හානියට පත්විය හැකි බවත් විශේෂයෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින විශේෂයන් අවසන් වී යාමට පවා ඉඩ ඇතැයි රාහුල හිමියෝ කීහ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top