Jan 10, 2019

ධර්මදාස වල්පොළ පාරට ආයෙත් ගල් පෙරළයි ! Featured

කැලණිය වරාගොඩ පාරෙන් කොටසක් කෘතහස්ත ගායකයකු වන ධර්මදාස වල්පොළ ශූරීන් නමින් නම් කිරීමට ගත් උත්සාහයට එහි ප්‍රදේශවාසීන් පිරිසක් අකුල් හෙලා ඇතැයි වාර්තා වේ.

වරාගොඩපාරේ අතුරු පාරක් වන රාණි දිසානායක මාවතේ සිට නුංගොමුගොඩ හංදිය දක්වා කොටස මෙසේ ධර්මදාස වල්පොළ පෙදෙස ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබිණි. ලබන 12 වැනිදා අදාළ නම් කිරීම සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබියදී මෙම පිරිස කැලණිය ප්‍රාදේශීය සභාවට විරෝධතාවක් ගොනුර කිරීම නිසා එය අත්හිටුවීමට සිදුව ඇති බව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ශාන්ති කුමුදුනී මහත්මිය අප කළ විමසීමකදී කිසා සිටියාය.

කෙසේවුවද, අදාළ විරෝධතාව ගොනුකර ඇති පිරිස මෙය පටලාවාගෙන ඇති බවත් ඇය කීවාය.

විරෝධතා මධ්‍යයේ මෙවැන්නකට අනුබල නොදිය හැකි බවද ඇය මේ පිළිබඳව කරුණු අනාවරණය කරමින් කියා සිටියාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ අදාළ කොටස ධර්මදාස වල්පොළ නමින් නම් කිරීම ප්‍රාදේශීය සභාව විසින් සිදු නොකරන්නක් බවත්, එය කිසියම් පදනමක් මගින් සිදු කරන්නක් බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ මීට පෙර තවත් කෘතහස්ත විකට නළුවකු වන සැමුවෙල් රුද්‍රිගූ මහතා නමින් නම්කර තිබූ පාරක ඔහුගේ නම ඇතුළත්ව තිබූ පුවරුව අතුරුදහන් කර පසුව ඔහු නමින් නම්කර තිබූ පාර මකා දමා ඇති බවයි.

ධර්මදාස වල්පොළ සලකුණු කැලණිය ප්‍රාදේශීය සභව මකයි !

මීට පෙරද කැලණිය ප්‍රාදේශීය සභාව ධර්මදාස වල්පොළ මහතාගේ සුප්‍රසිද්ධ ගීතයක් වන “අරලිය මල් අතු අඟ රැගුම්පානවා” ගීතය නිර්මාණය කිරීමට නිමිත්ත වූ අරලිය ගස කපා දැමීමට කටයුතු කර තිබූ බවයි.

අදාළ ගස ඒ මහතා ගේ කැලණියේ පිහිටි නිවස ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තිබූවක් බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

සපරමාදු පෙදෙස කොන්ක්‍රීට් කිරීමට යාමේදී මේ ගස කපා දමා ඇත්තේ සපරමාදු කෙනෙකුගේ උවමනාවට බව ප්‍රදේශවාසීහු පවසා තිබිණි.

එය වසර 100කට අධික කාලයක් පැවැති එකක් බවද පැවසේ.

සබැදි පුවත්

ධර්මදාස වල්පොළ සලකුණු කැලණිය ප්‍රාදේශීය සභව මකයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top