Jan 10, 2019

සිංහරාජ වන සංහාරය නවතන්න යුනෙස්කෝව සූදානම් Featured

ලෝක උරමයක් වන සිංහරාජයේ දැවැන්ත වන සංහාරයක් සිදු වන බව පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය පසුගිය දා අනාවරණය කළේය.

මෙම වන සංහාරයට එරෙහිව එල්ලවූ විරෝධතා නොතකා බලධාරීන් විසින් දිගින් දිගටම ලෝක උරුමයක් වන සිංහරාජ වන විනාශය සිදු කරමින් ගියේය.

ලෝක බැංකු උවමනා සපුරාලීමට ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිංහරාජ වනය විනාශ කිරිම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථාන සහ තවත් සංවිධාන යුනෙස්කෝ සංවිධානය දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවේ මෙම වන විනාශය නතර කර ගැනීමට බව එම සංවිධානය අවධාරණය කර සිටියේය.

ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් මේ වන විට ක්‍රියාත්මක වී ඇති බවත් මෙම වන විනාශය ගැන පරික්ෂණ සිදු කිරිමට මේ වන විට කටයුතු කරමින් වගකිව යුතු බලධාරීන් හට එය ලිඛිතව දන්වා ඇති බව පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය කියා සිටියි.

49761376 948841591987945 1396851788476317696 n

සබැදි පුවත්
අවම දේශගුණ විපර්යාසයක් උදෙසා සිංහරාජය නසන සැලැස්මක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top