Jan 11, 2019

'රාජපක්‍ෂවරයෙක් මීළඟ ජනාධිපති විය යුතුයි'- මෛත්‍රීට පොහොට්ටුවෙන් බාල්දියක් ! Featured

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ගේ ජීවිතය රැකෙන්නේ එම ජනාධිපතිවරණයට රාජපක්ෂවරයකු තරග කර ජනාධිපති වුවහොත් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.


ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 47% ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද නොඑසේනම් 14% ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ඉදිරිපත් වන්නේ ද තීරණය ගැනීම ඉතා පහසු බව ද ඔහු කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ජයගතහොත් සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ ගේ ජීවිතය දැඩි අවදානමකට පත් වන බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවටත්, ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ සහාය ඇතිව මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතාවම ඉදිරිපත් කරන බවටත් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (09දා) පැවති මාධ්‍ය හමුවේදී කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රොෂාන් රණසිංහ මහතා මේබව සඳහන් කළේය.



පොළොන්නරුවේ අරෝවක් ?

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙසේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පොළොන්නරු දිස්ත්‍රීක් නායක රොෂාන් රණසිංහ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක වන චතුරිකා සිරිසේන මහත්මිය හා සොයුරකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බවට රාවයක් පැතිරයාමත් සමග නොසන්සුන්තාවයට පත්ව සිටියි.

''පොළොන්නරුවේ 50%ක් ජනතාව පොහොට්ටුවට කැමැතියි. පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැහැ'' යයි ද රොෂාන් රණසිංහ මහතා පසුගියදා අවධාරණය කර සිටියේය.

''MS ජනපති අපේක්ෂක වෙනවට MR විරෝධයක් දක්වා නෑ'' - නිමල් සිරිපාල 
Nimalsiripala 670px 12 04 16

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද යලි පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි. 

මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු  බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වනවාට මහින්ද රාජපක්ෂ මහතා විරෝධය පළකර නොමැති බවත් ඊයේ (10දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සටහනක් දිය හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් වන බවත්, දෙකට තුනට බෙදී වෙන්වී කටයුතු කළහොත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට ඒ තුළින් වාසි අත්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

 මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය වී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.  

සබැඳි පුවත් :

'ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි' - මහින්ද කියයි : බැසිල් වෙන කතාවක් කියයි  

පොහොට්ටුවේ රොෂාන් ජනාධිපති සමග 'ගේම' ඉල්ලයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top