photographic 2
Jan 11, 2019

ලක්ෂ විස්සක ගංජා හේනක් ගිණි තියයි(ඡායා)

මොණරාගල ඇතිමලේ, යාල රක්ෂිත භූමියේ දී ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී නීති විරෝධීව පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබේ.

එම වැටලීම සිදු කරන අවස්ථාවෙදී සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ඇතිමලේ පොලිසිය කියයි.

මෙම ගංජා හේනේ උස අඩි හතකට ආසන්න ගංජා ගස් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවන බව පොලිසිය සඳහන් කරයි.සියලුම ගංජා ගස් ගිණි තබා විනාශ කර ඇති අතර ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සටහන - ජයන්ත වීරසේකර (මොණරාගල)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top