Jan 12, 2019

පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂකයා ? : මෛත්‍රී-මහින්ද සාකච්ඡාවෙන් පසුවට Featured

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවුරුන් ද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සාකච්ඡා කර තීරණයක්‌ ගනු ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු සඳහන් කළහ.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (11 දා) පැවැති තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී ඔවුහු එසේ කීහ.


නායකයන් දෙදෙනා නිවැරදි තීරණ නියම අවස්‌ථාවේදී ගනු ඇති බවත් එසේ නොමැතිව ඊට බාහිරින් විවිධ අය විසින් යම් යම් ප්‍රකාශයන් කර නැති අර්බුදයක්‌ නිර්මාණය කිරීම මේ අවස්‌ථාවේ සුදුසු නොවන බවත් එම මන්ත්‍රීවරු පැවසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත් ඒ සන්ධානය තුළ විවිධ අදහස්‌ යෝජනා තිබිය හැකි බවත් සඳහන් කළ ඔවුහු තවමත් ඉදිරි ජනාධිපති අපේක්‌ෂකයා කවුරුන් ද, ඉදිරිපත් වන ලාංඡනය පිළිබඳ තීරණයක්‌ ගෙන නැති බවත් එ. ජා. ප. විරෝධී සටනේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් පැවසූහ.

මේ රටේ සියලු ජනතාව පිළිගන්නා මේ මහ පොළව ඉල්ලා සිටින ජනාධිපති අපේක්‌ෂකයෙක්‌ ඉදිරිපත් කළ යුතු බව තමන් නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ වගකීම බවත් ඔවුහු සඳහන් කළහ.

මෙම මාධ්‍ය හමුවේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජානක වක්‌කුඹුර, ඉන්දික අනුරුද්ධ, කාංචන විඡේසේකර යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ.

SajithP 670px 18 12 29

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - මව්බිම කියයි

මේ අතර 'ඉරිදා මව්බිම' පුවත්පත වාර්තා කර ඇත්තේ, එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවට එ.ජා.ප.යේ මන්ත්‍රිවරුන් බහුතරයක් ඉදිරිපත් කර ඇති යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇති බවයි.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එ.ජා.ප. මන්ත්‍රිවරු බහුතරයක් මෙන්ම එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ඉදිරිපත් කර ඇති යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇතැයි එ.ජා.ප. ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවසු බව 'මව්බිම' වාර්තාවේ සඳහන් වේ.

ජවිපෙන් පොදු අපේක්ෂකයෙක්

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ ජනාධිපතිවරණයක් කැඳවුවහොත් තම පක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි.

ජනතා විමුක්තිත පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවසථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳවත් වැඩි විශ්වාසයක් තබන්නට නොහැකි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙසේදැයි 'රාවය' පුවත්පත කල විමසීමේදී ලාල්කාන්ත මහතා එබව සඳහන් කර ඇත.

සබැඳි පුවත් :

ජනපතිවරණයක් ආවොත් 'ජවිපෙන් පොදු අපේක්ෂකයෙක්' 

'රාජපක්‍ෂවරයෙක් මීලග ජනාධිපති විය යුතුයි'- මෛත්‍රීට පොහොට්ටුවෙන් බාල්දියක් !

'ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි' - මහින්ද කියයි : බැසිල් වෙන කතාවක් කියයි 

පොහොට්ටුවේ රොෂාන් ජනාධිපති සමග 'ගේම' ඉල්ලයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top