'ජනපතිවරණයට මහින්ද යෝජනා කළ අය විපක්ෂයේ අපේක්ෂකයා වුණා' - කාංචන විජේසේකර 'ජනපතිවරණයට මහින්ද යෝජනා කළ අය විපක්ෂයේ අපේක්ෂකයා වුණා' - කාංචන විජේසේකර
Jan 12, 2019

අයෙත් මෛත්‍රී කෙනෙක් මතු වේදැයි පොහොට්ටුවට සැකයක් !

තම පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකණු වීමේ අවධානමක් තිබෙන බව 'පොහොට්ටු' පක්ෂයේ මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

2015 වසරේ පැවැති ජනපතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අය පසුව විපක්ෂයේ අපේක්ෂකයා ලෙසට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා එහිදී සිහිපත් කළේය.

එසේම ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙස තෝරා ගැනීමේදී රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය සැලකිල්ලට ගත යුතු බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේද පැවසිය.

“මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප්‍රකාශයක් කළා. කල්පනා කරලා බැලුවම විවිධ අදහස් තියෙන්න පුලුවන් පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුණා. ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකණු වෙන්න පුලුවන් කියන සැකය අපිට තියෙනවා.

පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප්‍රධාන පක්ෂය විදියට කටයුතු කළේ. ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හ`ගවනවා. එහෙම නොවුණොත් ඡන්ද පෙටිටයේ ඡන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡන්දයක් තියෙයි.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top