photographic 2
Jan 12, 2019

බලපත්‍ර අලුත් නොකළ වාහනවල ලියාපදිංචිය අවලංගුයි

වසර 3කට අධික කාලයක් ආදායම් බලපත්‍ර ලබා නොගත් සියලුම රථ වාහන ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු යොදනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ වන විට දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මෝටර් වාහන සංඛ්‍යාව 7,727,921 බවත් වාර්ෂිකව ආදායම් බලපත්‍ර ලබා ගන්නේ එයින් මිලියන 4ක පමණ සංඛ්‍යාවක් හෙයින් ඉතිරි වාහනවලින් වසර 3කට වඩා ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන සොයා බලා ඒවා ලියාපදිංචියෙන් ඉවත් කරනු ලබන බවද ඒ මහතා කියා සිටී.

එසේ අවලංගු කළහොත් යළි එවැනි වාහන මහා මාර්ගයේ ධාවනය කළ නොහැකි වනු ඇතැයිද ඒ මහතා කීය.

මේ වන විටත් එම කාර්යය ආරම්භ කර ඇතැයිද යම් අයකු වසර 3ක් හෝ ආසන්න කාලයක් ආදායම් බලපත්‍ර ලබා ගෙන නොමැති නම් හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසද ‍ඒ මහතා දන්වා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top