photographic 2
Jan 12, 2019

'වමට ආ ජවිපෙ නැවත ජාතිවාදයට ගිහිං' - වික්‍රමබාහු (වීඩියෝ) Featured

හිටපු ජනාධිපති හා එක්ව නීතිවිරෝධී ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගැනීමට විරුද්ධව සිදුකළ අරගලයේදී “වමට” පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණ නැවත ජාතිවාදී මාවතට අවතීර්ණ වී ඇතැයි එම සටනේ කොටස්කාර වාමාංශික පක්ෂ නායකයකු චෝදනා කරයි.

පළාත් සභා වලට බලය බෙදන ව්‍යවස්ථාවක් මුල්වරට හඳුන්වා දුන් 1987 දී ඊට විරුද්ධව දේශප්‍රේමී ලෙස හඳුන්වමින් දියත් කළ සන්නද්ධ ප්‍රහාරය යුක්ති සහගත කරමින් ජවිපෙ “තමන්ගේ ජාතිවාදී ඉතිහාසය ඉස්සරහට ගන්නවා” යි නව සමසමාජ නායකයා ප්‍රකාශ කළේය.

ඊට මුහුණ දීම සඳහා වම සුදානම් විය යුතු බව වික්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

බලය බෙදන ව්‍යවස්ථාවකට විරුද්ධව කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් එක්ව කටයුතු කරන බවට අනතුරු ඇඟවූ ආචාර්ය වික්‍රමබාහු මහතා, “අයුතු බලපෑම් කඩාගෙන ඉදිරියට යන්න ජනතා බලය පාවිච්චි කරන” ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර සිටියේය.

 

යුද්ධයට හවුල්වීම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සතියකට ඉහතදී යුක්ති සහගත කළේ “රට බෙදීමේ අනතුරට” විරුද්ධ ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දෙමිනි.

එමෙන්ම, 2006 දී අධිකරණය සහායට ගනිමින් උතුරු පළාත නැගෙනහිරින් වෙන් කිරීමට තමන් කටයුතු කළ බවද ජවිපෙ නායකයා විසින් සිහිපත් කර දී තිබුනි.

කෙසේවෙතත්, ජවිපෙ දායකත්වයෙන් උතුරේ දියත් කළ යුද්ධයේදී යුද අපරාධ සිදු කෙරුනු බව එම පක්ෂයේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

(radiogagana.com)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top