Jan 12, 2019

එජනිස - පොහොට්ටු සන්ධානය හදනවද? නැද්ද? තීන්දුව 21දා Featured

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනැගීමට සැරසෙන සන්ධානය සම්බන්ධව අවසන් තීරණය මෙම 21 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පවත්වන රැස්වීමේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටී.

ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ විසි ගණනක හා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ විසිහතේ නියෝජිතයින්ද සහභාගිවීමට නියමිත බව ඩිලාන් මහතා අරුණ පුවත් පතට පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘‘රනිල්ට එරෙහිව ගොඩනගන මහා සන්ධානයෙන් ඊළඟට එන පළාත් සභා, මහමැතිවරණ හෝ ජනාධිපතිවරණ යන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙනවා. ජනාධිපතිවරණයට මේකෙන් දාන්නේ එක අපේක්ෂකයයි. දැනට ඉදිරියෙන්ම ඉන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහතා. හැබැයි කවුද තරගයට එන්නේ කියලා තීරණය කරන්න මෛත්‍රිටවත්, ගෝඨාභයටවත් බෑ . ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයත්, මහින්ද රාජපක්ෂ මහත්තයත් ඇතුළුව ගොඩනගන මහා සන්ධානයේ නායකයින්. එහිදී මෛත්‍රි ජනාධිපති අපේක්ෂකයා වුණොත් වේදිකාවේ පළමු කතාව කරන්නේ ගෝඨාභය. ගෝඨාභය අපේක්ෂකයා වුණොත්ප ළමු කතාව මෛත්‍රිපාල"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top