Jan 12, 2019

අසාත්ට විශ්වාසභංගයක් : පොහොට්ටු සහයත් ලැබෙයි Featured

අලුතින් පත්කරන ලද බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව එ.ජා.ප.යෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම් වන බව වාර්තා වේ.

පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී පිරිසක් මෙයට අදාළව කරුණු රැස්කරමින් සිටින බවද පැවසේ.

මේ විශ්වාස භංගයට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ද සහය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සමඟ කිට්ටුවෙන් ගණුදෙනු කරනු ලබන එජාප මන්ත්‍රීවරයෙක් මෙම විශ්වාසභංගය ගෙනඒමේ මහ මොළකරු ලෙස කටයුතු කරන බවත් පැවසේ.

විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරු 10 දෙනෙකුගේ අත්සන් පමණි.

කලක් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකළ අසාද් සාලි මහතා එ.ජා.ප. පාලන සමයේ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top