photographic 2
Jan 12, 2019

ඕනෑම ඡන්දයකට 'පොහොට්ටුවෙන්' පමණයි - ඒකමතික තීන්දුවක්

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකට 'පොහොට්ටුවේ' ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේ ඊයේ (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයේ රැස්වීමේදී මෙම තීරණයට එළැඹි ඇත.

එය සියලු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ඒකමතිකව තීරණය වූ බවත් එම පක්ෂය සඳහන් කරයි.

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හා සංවිධායකයින් බහුතරයක් 'පොහොට්ටුව' ලකුණ යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට දැඩි ලෙස විරෝධය පළකර ඇති අතර එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ගොඩනැගෙමින් ඇති නව සන්ධානය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ශ්‍රීලනිප ඉහළ නිලධාරීන් පිරිසකට දන්වා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top