Pasidol
Sathosa Ad Final Sinhala
Jan 09, 2017

යුරෝපීය ඇඳුම ඇඳීමේ නියෝගය අවලංගුයි

ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ද ජනාධිපතිවරයා කීවේය.

සිරිසේන මහතා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක් වෙමිනි.

රාජ්‍ය අංශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි සඳහා හරිත මාර්ගෝපදේශ සංග්‍රහය හා අගැයිම් ක්‍රමවේදය එළි දැක්වීමට මෙම උත්සවය පැවැත්විණි.

‘පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා. මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

(ලංකාදීප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top