Jan 12, 2019

වෙරළ සැණකෙළියට ආ ඉන්දියානුවා මියගියේ අධිකව මතද්‍රව්‍ය ගැනීමෙන් ! (ඡායා)

අම්බලන්තොට උස්සන්ගොඩ වෙරළ තීරයේ පැවැත්වෙන වෙරළ උද්‍යාන සැනකෙළියට සහභාගී වී සිටි විදේශීය ජාතිකයෙකු අද (12) උදෑසන හදිසියේ මිය ගොස් ඇත.

සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මෙම සැණකෙළිය පැවැත්වෙන අතර මෙසේ මියගොස් ඇත්තේ ඉන්දීය ජාතිකයෙකි.

මිය ගොස් ඇති විදේශිකයා අද උදෑසන උද්‍යාන භූමිය තුළ වැටී සිටිනු පිරිසක් දැක ඇති අතර පසුව ඔවුන් මැදිහත්ව ඔහුව අම්බලන්තොට රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන ගොස් තිබේ.

කෙසේවුවද ඔහු රෝහලට ඇතුළු කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහුගේ මෘත ශරීරය අම්බලන්තොට රෝහලේ තැන්පත්කර ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවයි.

සටහන හා ඡායාරූප - අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට වාර්තාකරු

IndianMan Deth 1

IndianMan Deth 3

IndianMan Deth 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top