Jan 13, 2019

පරිස්සමට ගැහුව දඩේ ඈලියාවට ගිහින් !

මාර්ග අනතුරු අඩු කර ගැනීමට යැයි පවසමින් රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ මුදල් අත්තනෝමතික ලෙස 400% කින් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළ ද යතුරුපැදි අනතුරුවලින් සිදුව ඇති මරණ 20ක් පමණ අඩුවීම පමණක් බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය කියා සිටී.

වසර 2018 ජූලි 15 වැනිදා සිට ශ්‍රී ලංකා රජය විසින් රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ මුදල් වැඩි කිරීමට කටයුතු කළ බවත්, අදාළ කාරනාව ගැන 2019.01.11 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් සිදු කෙරූ බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහිදී මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 2018.12.31 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අනතුරුවලින් සිදුවූ මරණ අඩුවක් දක්නට ලැබෙන බව කීවත්, එම සංඛ්‍යාව 10% ක් වත් අඩු වී ඇත් දැයි සිය සංගමය කළ ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු දුන් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ එතරම් අඩු වීමක් සිදුවී නොමැති බව යැයිද නිවේදනයේ දැක්වේ.

යතුරුපැදි මරණ 20 ක් (1.5% පමණ) පමණ අඩුවී ඇති බව කෝදාගොඩ මහතා හෙළි කළ බවත් පැවසේ.

ශ්‍රී ලංකා පොලිසිය බොරු ප්‍රකාශ කරන බවට චෝදනා කරනු ලබන අදාළ සංවිධානය ඉන් එකක් ලෙස මෝටර් රථ පනතේ 148 වගන්තියේ සඳහන් ශ්‍රී ලංකාවේ මාර්ග නීතියට අනුකූලව එකම මංතීරුවේ යතුරුපැදි දෙකක් ධාවනය කල හැකි බව පැවසීම පෙන්වාදී තිබේ.

සිය සංගමය විසින් දඩ මුදල් ද වැඩි කර, ශ්‍රී ලංකාව තුල ප්‍රමිතිගත හිස්වැසුම් විකිණීම අනිවාර්ය කර මේ වන විට යතුරුපැදිකරුවන් යම් ප්‍රතිශතයක් ප්‍රමිතිගත හිස්වැසුම් පැලඳීමට කටයුතු කරනා පසුබිමක් තුල, මරණ සංඛ්‍යාව සාධනීය ලෙස ඊට සාපේක්ෂව අඩු නොවීමට මූලික වූ විද්‍යාත්මක හේතු ලෙස ඔවුන් 2014 දෙසැම්බර් 12 වැනිදා මාර්ග අනතුරු ඉහළ යෑම පිළිබඳව පාර්ලිමේන්තු ගත කෙරු විශේෂ කමිටු වාර්තාව දඩ වැඩි කිරීමක් යෝජනා නොකිරීම පෙන්වාදී ඇත.

මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Trafic2 670px 19 01 13

Trafic1 670px 19 01 13

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top