Jan 13, 2019

ශී‍්‍රලංකන්හි ජාත්‍යන්තර ලියාපදිංචියක් ප‍්‍රමාදයි Featured

ජාත්‍යන්තර ගුවන් ප‍්‍රවාහන සංගමයේ මෙහෙයුම් සුරක්ෂිතතා විගණනය යටතේ 2018-2019 වසර සඳහා වන ශී‍්‍රලංකන් ගුවන් සමාගමේ ලියාපදිංචිය අලුත් කර නොමැති බව sundaytimes.lk වාර්තා කරයි.

මේ හේතුවෙන්, විදේශීය ගුවන් සේවා කිහිපයක් ශී‍්‍රලංකන් සමග සංකේත හුවමාරු කිරීම නවතා දමා ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් පැවසීම ශී‍්‍රලංකන් සමාගම ප‍්‍රතික්ෂේප කර ඇත.

නමුත් වෙබ් අඩවියට අනුව, ශී‍්‍රලංකන් සමග තම සංකේත හුවමාරු කිරීම සිදු කරන්නේ Malaysia Airlines සහ S7 Airlines පමණි.

සමාගමේ වැඩ බලන ප‍්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මේ සම්බන්ධයෙන් පවසන්නේ, ප‍්‍රමාදයක් පැවතියද, ඉක්මනින් ලියාපදිංචිය ලැබෙන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top