Jan 15, 2019

පොතක් ගන්න ගිය දුවට පොත පෙරලූ නරුම තාත්තෙක්

සෙවණගල ප්‍රදේශයේ පදිංචි පහලොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කළ එම දැරියගේ පියා සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු නීත්‍යානුකූල බිරිඳගෙන් වෙන් වී ජීවත් වී ඇති අතර දැරිය ඇගේ මිත්තනියගේ නිවසේ ජීවත් වී තිබේ. මෙම දැරියගේ නව පාසල් වාරය සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමට සැකකාර පියා දැරිය සමඟ නගරයට ගොස් නැවත යතුරු පැදියෙන් පැමිණෙමින් සිටින අත‍ෙතුර දැරිය උක් වගා බිමක් වෙත රැගෙන ගොස් අවස්ථා කිහිපයකදී දූෂණය කර ඇත.

සැකකාර පියාගේ වයස අවුරුදු හතලිහක් වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර සෙවණගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

ජයන්ත වීරසේකර‍ - වැල්ලවාය

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top