Jan 15, 2019

"මට කයිවාරු ගහන්න උවමනා නෑ" - රවි

තම පක්ෂය ඉදිරිපත් කළ නව ව්‍යවස්තා කෙටුම්පතට අනුව ජාතික සහ ආගමික සහජීවනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බවත් ඒ තුළින් මෙතෙක් රට තුළ ඇතිවී තිබෙන අසමගිතාවය තුරන් කරන්න හැකි වනු ඇති බවත් විදුලිබලල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙසේ පැවසුවේල ඊයේ (14) පෙරවරුවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. අදට යෙදෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ හින්දු භක්තිකයින්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරීනැමීම මෙහිදි රවී කරුණානායක අමාත්‍යවරයා අතින් සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා හින්දු භක්තිකයිනගේ තෛපොංගල් උත්සවයට සුභ පතන්න. 2018 පෙබරවාරි මස 10 දා එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට වාර්තාවක් තිබ්බා. ලංකාවේ සෑම තැනම එ.ජා.ප.ය ජයග්‍රහණය කළාට උතුරු කොළඹ පමණයි සියයට සියයක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න හැකි වුණේ. ඒ ජයග්‍රහණය ලබා දුන්නේ අපේ ඡන්දදායකයෝ. හැමතැනම බලය වෙනින් පැත්තකට යනකොට උතුරු කොළඹ ජනතාවට හැකිවුණා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්නට. අපි එ.ජා.ප.යෙන් 17 දෙනෙක් ඉදිරිපත් කළා. ඒ 17 දෙනාම ජයග්‍රහණය කරවන්න උතුරු කොළඹ ජනතාව කටයුතු කළා. ඒක තමයි අපේ තියෙන ශක්තිය".

"මට අවශ්‍යවන්නේ කයිවාරුව නෙමෙයි. ජනතාවගේ අවශ්‍යතාවයට ඔවුන්ට උපකාර කිරීමයි. අද මේ ශ්‍රී ලංකාව කියන්නේ සිංහල, දෙමල, බර්ගර්, මුස්ලිම්, මැලේ කියන සෑම ජන කොටසකටම මගේ රට කියලා කියන්න පුළුවන්, එකට අත්වැල් බැදගෙන කටයුතු කරන්න පුළුවන් රටක්. ඒකේ හොදටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක ආසනයක් තමයි උතුරු කොළඹ. පසුගිය වකවානුවේ රට ප්‍රජාතන්ත්‍රවාදි පෙරලිකාරි ගමනක් ගමන් කළා. නමුත් අපි ඒ සියලු දෙයින් ජයග්‍රහණය කළා" යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top