Jan 16, 2019

IMF සාකච්ජා සාර්ථකයි - විශේෂ කණ්ඩායමක් දිවයිනට

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැග්‍රේඩ් අතර හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරේදි පවත්වා ඇත.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරිය සමග පැවති සාකච්ජාව ඵලදායිතාවයෙන් යුක්තවු බවයි.

එහිදි යළිත් වරක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ආරම්භ කිරීම හා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සදහා එළඹෙන පෙබරවාරි මාසයේදී ඉහළ පෙලේ නිළධාරින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද මංගල සමරවීර සදහන් කර සිටියි.

මෙම සාකච්ජාව සදහා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා සහභාගි වී සිටියේය.

IMF Mangala1 670px 19 01 16

IMF Mangala2 670px 19 01 16

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top