Jan 17, 2019

අගුණකොලපැලැස්ස රැදවියන්ට පහරදීම ගැන විශේෂ පරීක්ෂණයක් (වීඩියෝ)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රී පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර ((21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රී පුද්ගල කමිටුවක් මේ සදහා පත් කර තිබේ.

අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අඅමාත්‍යවරිය සදහන් කරයි .

සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශන නැරඹීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බව ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය.

ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන සඳුදාට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාට යොමුකිරීමට නියෝග කළ බව ද ඇමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top