Jan 17, 2019

උතුරේ මතට තිත තියන්න රාගවන් සූදානම්

උතුරු පළාත පුරා දැඩි උවදුරක් බවට පත්ව තිබෙන මත් උවදුර සම්පූර්ණයෙන් උතුරෙන් තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාරධූරය ලැබීමෙන් අනතුරුව පළාතේ සර්ව ආගමික නායකයින් හමු‍වේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා එලෙස පැවසුවේය.

මේ අතර රාගවන් මහතා වැනි උගත් පුද්ගලයෙකු උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්වීම වැදගත් වන බවත් ආණ්ඩුකාරතුමන් මැදිහත්වී උතුරේ තරුණ ජිවිත විනාශ කරන මත් උවදුර මැඩලීමට කටයුතු කළ යුතු බවත් යාපනය නාග විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමලනාහිමියෝ පැවසූහ.

එහිදී ආණ්ඩුකාරවරයා පැවසූවේ සියලු අංශවල සහයෝගයෙන් උතුරේ තරුණ ජිවිත බිලිගන්නා මත් උවදුර මැඩලීමට කටයුතු කරන බවයි.

රාගවන් මහතා යාපනය නාගදීප විහාරාධිපති පූජ්‍ය නවමැදගම පත්මකිත්තිතිස්ස නාහිමියන් හා යාපනය දිසාව භාර රදගුරු හිමියන්,යාපනය නල්ලූර් කෝවිල,යාපනය නාගපූසනි කෝවිලේ පූජකතුමන්ලාද හමුවිය.

සාකච්ජාවන් වෙනුවෙන් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන්ද එක්ව සිටියහ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top