Jan 18, 2019

එජාපය ජනපති අපේක්ෂක කරු ? Featured

මීළඟ ජනාධිපතිවරණය සඳහා එජාප අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය යෝජනා කිරීමට එම පක්ෂයේ පිරිසක් සහ ආණ්ඩුවට සහාය දක්වන සංවිධාන රැසක් සැලසුම් කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.

එජාපය දැනට ප්‍රකාශ කර ඇත්තේ තමා අපේක්ෂකයා අගමැති රනිල් වික්‍රමසිංහ යැයි ද එහි දැක්වේ.

එහෙත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ගේ නම ඔහුට සහාය දක්වන එජාප පිරිස් යෝජනා කරමින් සිටින අතර ඔහු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට වමත් කැමැත්ත ප්‍රකාශ කර නොමැති බව ද පැවසේ.

ජනාධිපති අපේක්ෂකයා වන්නේ දැයි, කරු ජයසූරිය මහතා තවමත් ප්‍රකාශයක් කර නොමැති අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් මෙතෙක් සිදු කර නොමැත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top