Jan 21, 2019

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අරාජික තත්ත්වයක ! Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ස්ථිර කොමසාරිස් ජනරාල්වරයකු පත් නොකිරීම නිසා එම දෙපාර්තමේන්තුව අරාජික වී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ පරිපාලකයන්ගේ බල ලොභී කටයුතු හේතුවෙන් බදු ගෙවන්නන් විශාල පිරිසක් සහ එහි වැඩි සේවක පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් වි සිටින බවද පැවසේ.

දෙපාර්තමේන්තුවේ බදු කටයුතු කාර්‍යක්ෂමව කිරිමට යැයි කියා දැනට වසර තුනකට පමණ පෙරදී බදු වාර්තා භාරදීම, බදු මුදල් ගෙවීම, බදු විගණනය කිරිම, බදු අභියාචනා විසදීම හා හිඟ බදු එකතු කිරිම යන අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කෙරුණු රැමිස් (Ramis) නම් අන්තර්ජාලය (Online) ඔස්සේ ක්‍රියාත්මක සේවා පද්ධතිය ඉතාම අසාර්ථක එකක් වී ඇති බවද වාර්තා වේ.

එම පද්ධතිය ස්ථාපිත කිරීමට වැය කර ඇති මුදල රුපියල් බිලියනකි. අදාළ පද්ධතිය ස්ථාපිත කිරීම රටට ඉතා ඉහල ප්‍රතිලාභ ඇති බව පෙන්වීමට එම අමාත්‍යංශයේ සිටින කුඩා කණ්ඩායමක් කල්ලි ගැසී සිටින බව පැවසේ. අදාළ කල්ලියේ ඡාවාරමට මේ වන විට පිටතින් ගණකාධිවරුන් කිහිපදෙනෙකු සහ දෙපාර්තමේන්තුවෙන් විශ්‍රම ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකුද එකතු වී සිටින බව වාර්තා වේ.

රැමිස් නියමුවන් ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ විගණකාධිපතිවරු කිහිපදෙනෙකු සහ නියෝඡ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් කිහිපදෙනෙකු විගණන බදු ගෙවන ආයතනවල විගණනය නැවැත්විමට කටයුතු කර (ගිණුම් ප්‍රකාශ Ramis) පද්ධතියට එකතු නොකිරිමෙන්) ආයතනයට මූල්‍ය වාසි අත්කරදීමට ද කටයුතු කර ඇති බව පැවසේ.

මේ අතර, රැමිස් දුර්වලතා නිවැරිදි කරන බව පවසමින් කල්මරමින් සිටින අදාළ කණ්ඩායම් ඔවුන්ට ලැදි නිලධාරින්ට විගණන වැඩ පවරා ඒවා නිමා කිරමින් රැමිස් හි සාර්ථකත්වය පෙන්වීමේ කූට උපායක් දියත්කර ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එකම බදු ගෙවන්නන්ට විස්තර කැඳවීම් කිහිපයක් !

ඉහත දුර්වලතා නිසා එකම බදු ගෙවන්නන්ට දැන් එකම ගිණුම් වර්ෂය සදහා විගණනයට නිලධාරින් කිහිපදෙනෙකුගෙන් විස්තර කැදවිම් ලැබෙන බවද පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් බදු ගෙවන්නන් පීඩනයට පත්වන අතරම ආයතනයේ ශ්‍රමය හා කාලය ද නාස්තිවී යන බවට බදු ගෙවන්නන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

එසේම එය ඇතැම් බදු ගෙවන්නන්ට සිය දැන හැඳුනුම්කම් මත කැමති නිලධාරියකු සමග ගිණුම් කටයුතු අවසන් කිරීමට අවස්ථාව හිමිවීම අක්‍රමිකතා වර්ධනය කරන්නක් වී ඇත.

බදු වැඩිවුණේ රැමිස් නිසා නෙවෙයි

රැමිස් හේතුවෙන් බදු වැඩිවූ බවට එහි නිලධාරීන් පිරිසක් පෙන්වීමට උත්සාහ කළ ද ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ වරින් වර වක්‍ර බදු අනුපාත ඉහළයාම හේතුවෙන් රාජ්‍ය අදායම වැඩිවීම බව පැවසේ.

එම ක්‍රමය නිසා සෘජු බදු (Income tax) ආදායම අඩු විමත්, ව්‍යජ්‍ය වක්‍රබදු සම්බන්ද හිග බදු ප්‍රමාණයන් ( අනවශ්‍ය තක්සේරු නිකුත් වීමෙන්) නිර්මාණය විමත් සිදුව තිබේ.

රැමිස් හි අසාර්ථකත්වය තවත් ඔප්පුවන සාධකයක් ලෙස එහි සේවකයකු පෙන්වා දුන්නේ බදු අනුකුලතා අංශ රැසක නිලධාරින් උදැසන රාජකාරියට පැමිණ තැනින් තැන ඇවිදමින් සිටීමත්, එසේ ඇවිදින්නන් ඇතැම්විට සාප්පු සාවාරි ද යාමත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top