Jan 23, 2019

''ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එන්නේ රාජපක්ෂවරයෙක්''

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්‍ෂවරයෙකු ඉදිරිපත් වන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, වැලිකන්ද, කරපොළ, දමිළ ගම්මානයේ පෙරේදා (21දා) පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගි වෙමිනි.

" කවුරු මොනවා කිව්වත් අද වැඩි පිරිසක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා එක්ක. ඒ නිසා අපි ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහු නම්කරන අපේක්ෂකයෙකු මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරනවා.ඒක ස්ථිරයි.

අද පොළොන්නරුවේ වැලි මාෆියාවක් තියෙනවා. මෙතැන හොර ගුහාවක් වෙලා. අපේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු පත්වුණු ගමන් වංචා, දූෂණ, හොර වැඩ නවත්වලා ජනතාවට ඒ සහන ලබා දෙනවා" යැයි ද ඔහු පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top