Jan 23, 2019

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නට යන්නන්ට අබ සරණයි ! Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ බදු ගෙවීමට පැමිණෙන බදු ගෙන්නන්ට පමණක් නොව එහි සේවය කරනු ලබන නිලධාරීන්ට ද බදු ගෙවන්නාට ආදාල සේවාව ලබාගත හැකි අංශය හෝ නිලධාරියා හදුනාගත නොහැකි තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

වාර්ෂිකව සිදුකරනු ලබන ස්ථාන මාරු කිරීම් මෙවරත්, සිදුකර ඇතත් ඒවා සිදු කර ඇත්තේ පිළිවෙලක් නොමැති ආකාරයට බවද පැවසේ.

මේ අතර, සෑම වසරකම දෙසැම්බර් 31 වැනිදා පස්වරුව වන විට නිකුත් කරන නිලධාරින් ආර්ථික මාරුවීම් ලේඛනය මේ දක්වාම සති තුනක් තිස්සේ සකස් කර ගැනීමට ඉහල නිලධාරීන්ට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ. එය ඉහල පරිපාලනයේ කිහිපදෙනෙකු විසින් කපමින් කොටමින් හා සෝදුපත් බලමින් මෙසේ ප්‍රමාදකරන බවද පැවසේ.

අදාළ මාරුවීම් සිදු කරද්දී බහුතර පිරිසක් මුළු ගන්වමින්, නිලධාරීන් අතලොස්සකගේ උවමනාවන් පිරිමසා ගැනීමට සිය හෙන්චයියන්ට විශේෂිත අංශ ලබා දී ඇත්තේ මාරුවිම් මණ්ඩල හා වෘර්තීය සංගම් වල යෝජනා හා තීන්දු කුණු කූඩයට දමමින් බවට ද එම වෘත්තීය සමිතිවලින් චෝදනා එල්ලවී තිබේ.

එහි තත්ත්වය කොතෙක් දරුණු ද යත් ඇතැම් ප්‍රාදේශීය කාර්යාල සහ ප්‍රධාන ගොඩනැගිල්ලේ අංශවල නිලධාරින්ට වාඩි වීමට පුටුවක්වත් නොමැති තත්ත්වයකට පත්ව ඇති බව පැවසේ.

ඒ ඇතැම් අංශවලට අනවශ්‍ය ලෙස නිලධාරීන් පිරවීම නිසා බවද මේ අතර වාර්තා වේ.

අදාළ පිරිස්, මෙසේ පුරවා ඇත්තේ මහා පරිමාණ විගණන අංශය, මධ්‍ය පරිමාන විගණන අංශය, බදු ආපසු ගෙවිම් අංශය සහ තොරතුරු අංශය යන ඒවාටය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ අවශ්‍ය නම් එහි සේවයේ නියුතුවූවන්ට අක්‍රමිකතා සිදුකර අයථා ලෙස මුදල් ඉපැයිය හැකි අංශ ලෙස සැලැකේ.

කෙසේවුවද, මෙවැනි අසාධාරණ හා අනුචිත ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් එහි සිටින නිලධාරීන් අතලොස්සක් විරෝධය දක්වා ඇති බවද මේ අතර වාර්තා වේ. එහි ඉහල නිලධාරීන් ඔවුන්ගේ විරෝධතාවයට සවන් නොදීම නිසා එම විරෝධයද ප්‍රතිඵල විරහිතවී ඇති බව වෘත්තීය සමිති කියති.

නිසි පාලකයකු පත් නොකිරීම නිසා සිදුවන අක්‍රමිකතා මැඩලීමට පිළිතුරක් වශයෙන් එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය මුදල් අමාත්‍යංශයේ වගකිවයුතු නිලදාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදමින් සිටින බවද වෘත්තීය සමිති නිලධාරියකු අප සමඟ කියා සිටියේය.

ඔවුන් පෙන්වාදෙන්නේ නිවැරිදි මානව සම්පත් දෙපාර්තමේන්තුව තුළම සිටින බවත්, අසුදුස්සාට සුදුසු තැන විෂයන්ට යොමු කර වීමට නම් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව කල්ලිවාදයෙන් තොර, බඩගෝස්තරවාදී නොවන, නිලධාරින් බහුතරයකගේ ආශිර්වාදය ඇති පුද්ගලයකුට ලබාදිය යුතු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top