OPEN

#

OPEN

#

Jan 24, 2019

සිංහරාජය වැනසීමට එරෙහිව පුරවැසියන් පාරට (ඡායා) Featured

සිංහරාජය විනාශ කරමින් කුඩව ප්‍රදේශයේ මාර්ගයක් ඉදි කිරීමට විරෝධය දක්වමින් අද (24) වන දින කොළඔ කොටුව දුමිරියපොළ ස්ථානය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමක් හා වීදී නාට්‍ය මගින් විරෝධය දැක්වීමක් සංවිධානය කර තිබුනි .

සිංහරාජය රැකගැනීමේ ජන පවුර නැමති මෙම කණ්ඩයමට පරිසරවේදීන් නාට්‍යවේදීන් මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරිකයින් සම්බන්ධ වී සිටි අතර එහිදි අදහස් දැක්වූ පරිසරවේදී පුජ්‍ය වෑකදවල රාහුල හිමි පවසා සිටියේ සිංහරාජය වනසමින් මාර්ග ඉදිකිරීම සම්බන්ධව රාජ්‍ය ආයතන දැනුවත් කලද එයින් පලක් නොවුන නිසා ජනතාව දැනුවත් කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මුල් පියවර ලෙස මෙය දියත් කල බවයි . ඒ අනුව පෙබරවාරි 6 දින සම්මන්ත්‍රණයක් පවත්වා ඉදිරි වැඩ සහ විරෝධතාවයන් පිළිබද දැනුම් දෙන බවද පවසා සිටියහ

ගාමිණි හත්තොටුවේගම විදී නාට්‍ය කණ්ඩායම විසින් නාටයානුසාරයෙන් නිර්මාණාත්මක ලෙස සිය විරෝධය පළ කල අතර ඔහුන් මෙය නිර්මාණාත්මක විරෝධයක් ලෙස හදුන්වා දුන්හ.

අදහස් දක්වමින් පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කර සිටියේ දැනටමත් සිංහරාජයේ සිදුවන විනාශය වලක්වා ගැනීමට ප්‍රමාද මුත් දැන්වත් එය සිදුකිරීමට බලධාරීන් ක්‍රීයාකල යුතු බවයි.

50632896 332250497385956 7346756205093584896 n

50642001 270201717259314 351716396582830080 n

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top