Jan 25, 2019

මෛත්‍රීට අපේක්ෂකත්වය නොදුන්නොත් සන්ධාන බැහැ' - ශ්‍රීලනිප ප්‍රකාශක  Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහතික නොවුහොත් එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සිදු නොවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.


ඔහු එ් බව සඳහන් කර ඇත්තේ සතිඅන්ත 'අනිද්දා' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

මෙම පක්ෂ දෙක එකම සන්ධානයකින් 2015 මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී තමන් ඇතුළු ශ්‍රීලනිප අපේක්ෂකයින් ගණනාවක් පරාජය කිරීමට 'පොහොට්ටු' පක්ෂයේ දැන් සිටින කණ්ඩායම කටයුතු කල බවද මහින්ද සමරසිංහ මහතා කියා සිටියි.

මෙම පක්ෂ දෙක අතර සන්ධානයක් ඇතිවන්නේ නම්, දෙපාර්ශවයේම සාමාජිකයින්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත වියයුතු බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කළ හොත් පමණක් එම ආරක්ෂාව සහතික වනු ඇති බවත් ඔහු පෙන්වාදී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදුනහොත්, සන්ධානගත වනවාට වඩා ශ්‍රීලනිපය තනිව මැතිවරණ වලට ඉදිරිපත්වීම සුදුසු බව අවධාරණය කර සිටින මහින්ද සමරසිංහ මහතා, සන්ධනගත වීමෙන් ශ්‍රීලනිපයට ලබාගත හැකි පාර්ලිමේන්තු ආසන ගණනට වැඩි ආසන ගණනක් තනිව ඉදිරිපත්වීමෙන් ලැබිය හැකිබව තමන්ගේ විශ්වාසය බවද කියා සිටියි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝම්බර් 26දා සිට කටයුතු කර ඇති ආකාරයත් ඔහු විසින් කර ඇති සේවයත් නිසා ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදීමට කිසිඳු හේතුවක් නැතැයි සමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top