Pasidol
Sathosa Ad Final Sinhala
Jan 10, 2017

ජාතික අපරාධයක් ! - ඛනිජතෙල් සේවකයන් වර්ජනයකට සැරසේ !

ඛනිජ තෙල් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු සඳහා ඉදිරිපත් කල යෝජනා සඳහා විසඳුම් නොමැති බැවින් වහාම වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට 'ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව' තීරණය කර ඇත.

එම වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඞී. ජේ. රාජකරුණා මහතා විසින් ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය, චන්දිම වීරක්කොඩි මහතා වෙත අද (10) දින යොමුකළ ලිපියක එබව සඳහන් වේ.

තම සංවිධානයේ ඉල්ලීම් සඳහා ඉදිරි සතිය තුල පිළිගතහැකි පිළිතුරක් නොලැබෙන්නේ නම් පෙර දැනුම්දීමකින් තොරව නිසි පිළිතුරක් ලැබෙන තෙක් අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සිදුවන බව කණගාටුවෙන් යුතුව දන්වා සිටින බව ‘‘ඛනිජ තෙල් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු සඳහා වෘත්තිය සමිති යෝජනා’’ යන හිසින් යුතුව යොමුකර ඇති එම ලිපියේ සඳහන් වේ.

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීරණය ඛනිජතෙල් සංස්ථාවට (CPC) පාවරාදීම, හම්බන්තොට වාරයේ ඉදිකොට ඇති තෙල් පහසුකම් අංශය (CPC)ට ලබාදීම හා එම ස්ථාන දෙක හරහා මෙහෙයුම් කටයුතු සඳහා CPSTL සේවකයන් CPC යට අන්තර්ග්‍රහණය කිරීම හා රජයේ මැදිහත්වීම යටතේ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම යන තම සංවිධානය ඉදිරිපත් කල යොජනා සඳහා රජයේ පාර්ශවයෙන් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, හම්බන්තොට වාරය, තෙල් පහසුකම් අංශය ද සමග මේ මස අගදී කඩිමුඩියේ චීනයට පැවරීමට කටයුතු යොදා ඇති බවත් එම සංවිධානය පවසයි.

මෙය ඛනිජතෙල් සේවකයන්ට පමණක් නොව සමස්ත මතු පරපුරටම කෙරෙන මහා අපරාධයක් බව පවසන 'ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව', අප රටේ පිහිටීම අනුව රටේ ආර්ථිකය ගොඩගත හැකි තීරණාත්මක අංශය නැව්තෙල් වෙළඳාම බව තම සංවිධානය කරුණු සහිතව ඔප්පු කොට පෙන්වා ඇති බව සිය ලිපිය මගින් සිහිපත් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top