Jan 10, 2017

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා Featured

2020 මීළග ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්‍ෂය තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ පිළිබද සිය පක්‍ෂයේ අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පමණක් සිදුව ඇති බව හිටපු ජනාධිපතිනිය පැවසුවේ, කොළඹදි අද (10) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“එක එක්කෙනා අදහස් කියනවා.. ඒත් පක්ෂය තීන්දු කරලා නැහැ. මමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් තමයි. ජනාධිපතිතුමා පොරොන්දු වුණා..විධායක ජනාධිපති ධූරය එතුමාගේ ධූර කාලයෙන් පස්සෙ නැති කරනවයි කියලා.” යයි ඇය එහිදී සඳහන් කළාය.

ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් :

හිටපු ජනාධිපතිනිය එසේ පැවසුව ද ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු බවටත්, මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කල බව ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා 'බීබීසී සංදේශය'ට කළ ප්‍රකාශ කර තිබිණ.

පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් ඇමතිවරයා පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ද අනුරාධපුරයේ ඊයේ (09) පැවැති උත්සවයකදී කියා සිටියේ, 2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

සබැඳි පුවත්

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top