එම ගමන් මගට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා කියා සිටියි.
කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (10) පස්වරුවේ පැවති උත්තමාභි වන්දනා කැප්පෙටිපොළ විරු සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය.
බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ වීරකැප්පෙටිපොල මහ දිසාවේ ඇතුළු 19 දෙනෙකුගේ නම් එම ලේඛණයෙන් ඉවත් කළාසේම බ්‍රිතාන්‍ය ජාතිකයන් දේශද්‍රෝහීන් ලෙස නම් කර ඇති විරුවන් නවසිය අසූ දෙනෙකු එම ලේඛණයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත මෙහිදී සංදේශයක්ද භාර කෙරිණ.
ඒ සම්බන්ධයෙන් ඉතිහාසඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් කරුණු විමසා ගතයුතු පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසිය.
වර්තමානයේ පවතින ප්‍රශ්න විසදිය හැක්කේ කඩුවෙන් හෝ ගිනිඅවිවලින් නොව දැනුමෙන් සහ බුද්ධියෙන් ඒවාට මුහුණදීමෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
ජනාධිපතිවරයා විසින් දේශප්‍රේමීන් බවට ඔසවා තබමින් පසුගියදා නිවේදනය කරන ලද කැප්පෙටිපොල මහදිසාවේ ඇතුළු වීරවරයන්ගේ නම් ඇතුළත් ඵලකයක් මතු පරපුරේ දැන ගැනීම සදහා ජාතික කෞතුකාගාරයට සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරය වෙත භාරදීමද මෙහිදී සිදු කෙරිණ .
ශ්රීලනිපය මාතෘ භූමිය වෙනුවෙන් :
මේ අතර ඊයේ (10) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම ගමන් කළ යුත්තේ ජනතාවාදී හා මානවවාදී ගමන් මගක බවයි.
පක්ෂයක් ආලෝකමත් වන්නේ එම පක්ෂයේ වැඩ කරන පිරිසකගේ චරිත ලක්ෂණ අනුව බවත් ජනාධිපතිවරයා එහිදී පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ කුමන බාධක පැමිණියද මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම ඉදිරියටත් නොපිරිහෙළා ඉටුකරන බවයි.