Jan 29, 2019

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක් Featured

වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සම්පත් බැංකුවේ සිදු වූ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් Colombo Telegraph වාර්තා කරයි.

ඊට ගොදුරු වූ තැන්පත්කරුවෙකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම මූල්‍ය වංචාව හෙළි කරගැනීමට හැකිව තිබේ.

බැංකුවේ සිදු කළ විගණනයකින් ද ඒ බව තහවුරු වී ඇත.

ප්‍රාදේශීය කළමනාකරුවෙකු හා තලාහේන ශාඛාවේ කළමනාකාරිනිය හා එක්ව සම්පත් බැංකුවේම කළමණාකරුවෙකු සිදු කර ඇති මෙම වංචාවේදී තැන්පත්කරුවන්ගේ චෙක්පත් හා මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා බැංකු අයිරා ලෙසින් වංචා සහගතව ගණනය කර ඇතැයි වාර්තා වේ.

අදාළ බැංකු කළමනාකරු සහ තවත් සැකකරුවෙකු කඩුවෙල මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවනු ලදුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම වංචාව හෙළි වීම වැලැක්වීම සඳහා සම්පත් බැංකුව මාධ්‍ය ආයතනවලට බලපෑම් කර ඇතැයි ද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top