Jan 29, 2019

'අපේ පාසල අපට දෙන්න' (ඡායා) Featured

කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ පොලොන්නරුව නගරයේ බුද්ධි මංඩපය අසල මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු නවතා දමමින් අද (29 දා) දරුවන් සහ දෙමාපියන් 500ක පමණ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

ඒ පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ මෙතෙක් ඉගෙනුම ලැබ පසුගිය වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තම දරුවන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු කර ගන්නා ලෙස ඉල්ලිමිනි.

දරුවන්ගේ මාපියන් 250 ක පමණ මෙයට එක්ව සිටි අතර මාර්ගය අවහිර කරමින් මාර්ගයේ ටයර් පුඑස්සමින් ඔවුන් පවසා සිටියේ තම දරුවන්ට පාසලක් ලබා දෙන ලෙසයි.

දරුවන් දැනට මාසයක පමණ කාලයක සිට පාසලකට නොගොස් නිවෙස් වල රැදී සිටින බැවින් මේ ප්‍රශ්නයට කඩිනම් ව්සදුම් දෙන්නැයිද ඔවුහු ඉල්ලා සිටියහ.

ඩබ් .ඒ .පියතිලක (හිගුරක්ගොඩ වාර්තාකරු)

school1

school2

school4

school6

school7

school10

school12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top