Feb 05, 2019

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අලුත් බදු ප්‍රෝඩාව ! Featured

බදු ලිපිගොනු අඩුපාඩු සහිතව නියමිත දිනට බාරදීම බදු වංචාකරුවන්ගේ අලුත්ම බදු නොගෙවාසිටීමේ ප්‍රෝඩාව බවට පත්ව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේ අඩුපාඩු සහිතව බදු ලිපිගොනු බාරදුන් විට අලුත් වැඩසටහන යටතේ අඩුපාඩු සහිත බදු වාර්තා ගිණුම් ප්‍රකාශ කිසිවිටක විගණනයට ලක් නොවීම මෙසේ බදු නොගෙවා සිටීමට අවස්ථාව උදාකර තිබේ.

මේ වංචාව සඳහා එහි නිලධාරීන්ගේ සහයද ලැබෙන බව පැවසේ.

මේ අතර රැමිස් (Ramis) මුවාවෙන් බඩවියත රැකගැනීමට පෙළ ගැසී සිටින ඉහළ නිලධාරින් කිහිපදෙනුකුට විශාල ව්‍යාපාරිකයින්ව බදුවලින් ආරක්ෂා කරදීමට රැමිස් (Ramis) ව්‍යාපෘතිය බදු විගණනය තුළ අසාර්ථක වීම පිටුවහලක් ලැබී ඇතැයිද වාර්තා වේ.

බදුගෙවන්නන් විසින් ගෙවිය යුතු බද්ද ප්‍රකාශ කර වාර්තාව භාර දුන්නත් අදාල තක්සේරුවක් නිකුත් වනතුරු ගෙවිය යුතු බද්ද මග හරිමින් සිටීමට හැකියාව තිබීම එහි එක් වාසියකි.

විගණන අංශ කිහිපය තුළ එකතු වී සිටින කල්ලි කණ්ඩායම් තමන්ට රිසි පරිදි ලිපිගොණු තෝරා ගනිමින් බදු විගණනය කරන මුවාවෙන් බදු ගෙවන්නා අපහසුතාවයට පත් කර මඩි තරකරගන්නා අවස්ථාවද මේවන විට එමටව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිවලින් වාර්තා වේ.

වසරක් මෙම සියලුම විගණන නවත්වා එම නිලධාරින්ගේ ශ්‍රමය භාවිතා කර බදුගෙවන්නා විසින් වාර්තා මත ප්‍රකාශ කරන ලද බද්ද අයකර ගැනිමට අදාල තක්සේරු ඉඩ නිකුත් කර කටයුතු කරන්නේ නම් එයින් රජයට ලැබෙන ආදායමට අදාල ඉලක්ක අභිබවා යන බව එහි වැඩි නිලධාරීන් පිරිසකගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් වඩාත් පැහැඳිළි කරමින් එහි නිලධාරීන් පිරිසක් කියා සිටියේ කිසිම පදනමක් නොමැතිව හිතුමතේ කරනු ලබන විගණන තුළින් රටට ලැබෙන ආදායම ඉතා අඩු අගයක් වන බවත්, අනවශ්‍යතක්සේරු නිකුත් වීම හේතුවෙන් විශාල හිඟ බදු ප්‍රමාණයක් නිර්මාණය වන බවත්, රජයට ලැබෙන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් ඇතැම් නිලධාරින්ගේ සාක්කුවට එකතු වන බවත් මේ තත්ත්වය නිසා නැවැත්වීමට නොහැකිව ඇති බවයි.

ඉතා දැඩි ලෙස කළකිරි සිටින බදුගෙවන්නන්ට තම ගැටලුව හෝ ඉදිරිපත් කිරීමට කෙනෙකු නොමැතිවීම මේ පීඩනය තීවුරකර ඇති අතර එම තත්ත්වයට මූලිකම හේතුව වී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ ඉහලම තනතුර හිස්ව පැවැතීම බව එහි නිලධාරී මතය වී තිබේ.

සබැඳි පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නට යන්නන්ට අබ සරණයි !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අරාජික තත්ත්වයක !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top