Feb 05, 2019

මධුෂ් කොටුවුනේ දෙවැනි බිරියගේ දරුවගේ උපන්දිනේ සමරන්න ගිහින් !

මාකදුරේ මදුෂ් (මධුෂ් ලක්ෂිත), කන්ජිපානි ඉම්රාන්, කෙසෙල්වත්ත දිනුක, ඇතුලු පාතාල නායකයින් කණ්ඩායම ඩුබායි, අබුඩාබි හිදි කොටුකරගැනීමට හැකිවි ඇත්තේ ඩුබායි හි සිටින මදුෂ් ගේ දෙවැනි බිරිඳගේ දරුවාගේ උපන්දින සැමරුම් සාදයේදී බව අනාවරණය වේ.

මාකදුරේ මදුෂ් මෙම සාදය සදහා ගායක අමල් පෙරේරා, ටෙලිනාට්‍ය නලුවෙකු වන රයන්, අමල් පෙරේරා ගේ පුත් නදීමාල් පෙරේරා ඇතුලු කණ්ඩායමක් ලංකාවේ සිට ගෙන්වා ගෙන ඇති අතර එම සාදය ගැන මෙරට ඔත්තු අංශ වෙත ලද තොරතුරු අනුව අබුඩාබි පොලිසිය සමඟ කල එකාබද්ධ මෙහෙයුමක් මගින් මොවුන් කොටුකරගැනීමට හැකිවි ඇත.

මෙම සාදයේදී අත් අඩංගුවට ගත් පිරිස විසිපහක් පමණ බවත්, ඒ අතර ප්‍රාදේශීය දේශපාලඥයන් දෙදෙනෙකු සිටින බවට නිලනොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සාදය මහරගම කළුතුෂාරගේ බිරිද වන මාකදුරේ මදුෂ් ගේ දෙවැනි බිරිඳගේ දරුවාගේ පලමුවන අවුරුද්දේ උපන්දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ කැරැල්ලේ දී මහරගම කලුතුෂාර මරණයට පත්වු පසු ඔහුගේ බිරිඳ ඩුබායි බලා ගෙන්වා ගත්තේ මාකදුරේ මදුෂ්ය.

මදුෂ් ට දාව උපන් දරුවාගේ උපන්දින සැමරුම් සාදය අබුඩාබි හි දි පැවැත්වෙන බව ලද තොරතුරු මත මෙම එකාබද්ධ තොරතුරු මෙහෙයුම ක්‍රියාත්මක කර අබුඩාබි පොලිසිය ලවා වැටලීම කර ඇත. මෙහිදී කෝකේන් මත්ද්‍රව්‍ය ගෑම් විස්සක් තිබි හමුවු බව පැවසේ.

- තිස්ස රවින්ද්‍ර පෙරේරා

DubaiMadush1 670px 19 02 05

DubaiMadush2 670px 19 02 05

DubaiMadush3 670px 19 02 05

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top