Feb 05, 2019

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි පත්කරයි : දුෂණ සොයන්න පරීක්ෂණයක් !

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබේ.

ඒ, අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි.

පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත විය.

සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර ඇතැයි යන චෝදනාව කරමින් ඔවුන් එසේ වෘත්තීය ක්‍රියාමාර්ගවල කටයුතු කළේය.

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත් කරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල පත්‍රීකාව අද (05) දිනයේදී ඉවත්කර ගැනීමට විෂය බාර අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කර ඇති බව මුලින්ම වාර්තාකරනු ලැබුවේ 'ශ්‍රී ලංකා මිරර්’ විසිනි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය අවංක නිලධාරිනියකු වුවද ඇයගේ යම් පරිපාලන දුර්වලතා සැලකිල්ලට ගෙන ඇය එම තනතුරින් ඉවත් කිරීමට තමා පසුගිය සතියේ කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කල ද ඉන් අනතුරුව හෙළිදරව් වූ ඇතැම් කරුණු ද සැලකිල්ලට ගෙන එම කැබිනට් සංදේශය ඉවත්කර ගන්නා බව මංගල සමරවීර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

චාල්ස් මහත්මිය ඇතුළු රේගුවේ ප්‍රධානින් හා අමාත්‍යංශ නිලධාරීන් පසුගිය වර්ෂය සඳහා ඇස්තමේන්තු කල ආදායම් ඉලක්කයට ලඟාවීමට නොහැකිවීම පිළිබඳව ඇමතිවරයා මෙහිදී කරුණු දක්වා ඇතැයි ද පැවසේ.

කෙසේවුවද ගම්මිරිස්, පුවක් හා බීඩි කොල අපනයනයේදී හා ආනයනයේදී මෙන්ම වාහන ආනයනයේදී සිදුව ඇතැයි කියන වංචා දුෂණ සම්බන්ධයෙන් වහාම විදිමත් පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇතැයි ද වාර්තාවේ.

 සබැඳි පුවත් :

අමාත්‍යංශ බලධාරීන්ගේ විරෝධය මැද චාල්ස් යළිත් රේගුවට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top