Feb 06, 2019

අත්‍යවශ්‍ය ආහාරවල මිල වැඩිකරන්නෙ නෑ - හේමක

රේගු අර්බුදය හේතුවෙන් පාඩු සිදුවුවද, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි නොකරන බව ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආනයනික අලවල රේගු බදු රුපියල් 20කින් වැඩි කිරීම හේතුවෙන් අලවල පමණක් මිල වැඩිවිය හැකි වුවද කිසිදු අයුරකින් අත්‍යවශ්‍ය ආහාරවල මිල වැඩි නොකරන බවයි.

කෙසේවුවද, රේගු වර්ජනය අවසන් වූ වහාම අද (06) පාන්දර 1.00 පමණ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 280 ක් පමණ මුදා හැරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇති බව රේගු ආරංචි මාර්වලින් වාර්තා වේ.

මේ සඳහා ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සහය ද විශාල වශයෙන් ලැබී ඇති බව පැවසේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top